Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමරකීර්ති ඝාතනයේ මරණ දඬුවමට ලක්වූ 12 දෙනා වැලිකඩට

9 months ago

අරගල සමයේ නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මරණ දඬුවම නියමවූ 12 දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කෙරුණා.

ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (11) නියෝග කළේ මෙම ඝාතනයට අදාළව චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් 41 දෙනා අතරින් 12 දෙනෙකුට මරණ දඩුවම නියම කිරීමටයි.

තවත් හතරදෙනෙකුට වසර 5 කට අත්හිටවූ මාස 6ක සිර දඩුවම් නියම කෙරුණා.

මෙම තීන්දුව බෙදුණු එකක් වූ අතර සෙසු විත්තිකරුවන් 23 දෙනෙකු නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.