හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම සම්බන්ධයෙන් වන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 06 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය අද (12) නියම කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, වෙනත් නඩුවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් සාක්ෂි විභාගය සඳහා මෙලෙස දිනය නියම කරන ලදී.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතොස සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට අයුතු පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
හිටපු අමාත්‍යවරයාට අමතරව සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ මොහොමඩ් සාකීර් යන අයද මෙහි විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
