Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනිද්දා වන විට අඩු පීඩන කලාපයක්!කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!

9 months ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13) පෙරවරු 10.30ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, එළඹෙන 15 වනදා වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙන එම දෙපාර්තමේන්තුව, ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.