තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලක් තුළදී අද සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයක් තුළ රැඳී සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකි.
පොලීසිය සැක කරන්නේ මෙම ඝාතනය සඳහා T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කර ඇති බවයි. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මෝටර් රථය තුළම රැඳී සිට ඇති අතර, එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
ඝාතනයට ලක්වූවන් කවුරුන්ද යන්න හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඝාතකයින් සොයා සහ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු තලංගම පොලීසිය විසින් මේ වන විට ආරම්භ කර ඇත.


