Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දොර ජනෙල් වසා දමා විදුලි පහන්ද නිවා කළුතර මහාධිකරණයෙන් තීන්දුවක් දෙයි! තිදෙනෙක් කොළ නැති ගහට නියම වෙයි!

9 months ago

වසර 18කට පෙර වස්කඩුව ප්‍රදේශයේ අවමඟුල් නිවසකදී පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් අද (13) මරණ දඬුවම නියම කරන ලදී.

මෙසේ මරණ දඬුවම නියම වූයේ කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරේෂ් කුමාර, සුගත් කුමාර සහ සමිත සිසිර කුමාර යන පුද්ගලයින්ටය. ඔවුන් විසින් 2008 ඔක්තෝබර් මස 23 වනදා හෝ ඊට ආසන්න දිනකදී, ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද කුමාර නමැත්තා ඝාතනය කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා නියෝග කළේ විත්තිකරුවන් වරදකරුවන් බවයි.

මරණ දඬුවම ප්‍රකාශයට පත්කිරීමේ සම්ප්‍රදායට අනුව, අධිකරණ ශාලාවේ දොර ජනෙල් වසා දමා විදුලි පහන් නිවා දැමීමෙන් පසු සියලු දෙනා අසුන්වලින් නැගිට සිටියදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.