Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කන්ටේනර් සිද්ධියේ විමර්ශන කමිටුවෙන් ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි

9 months ago

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්ව තිබෙනවා.

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

එහිදී අමාත්‍යවරයා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්ව ඇති බවට දැනුම් දී ඇති අතර ඒ අනුව වෙනත් සාමාජිකයෙන් ඉදිරියේදී ඒ සඳහා පත් කරනු ඇති බවත් කාරක සභා සභාපතිවරයා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම් දී තිබෙනවා. 

මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීම සිදුවුණා.