තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ.
මෙම ඛේදජනක සිදුවීම සංගමය දැඩි ලෙස හෙළා දකින අතර, මෙවැනි ප්‍රහාරයන් රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළ තර්ජනයක් බවද එහි අවධාරණය කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී ගැඹුරු සහ කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටියි. අදාළ අපරාධය මෙහෙයවූ සහ ඊට සම්බන්ධ වූ සියලුම පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමක් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එසේම, වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන මෙවැනි සැහැසි ප්‍රහාර අනාගතයේදී සිදුවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්ථිරසාර සහ දැඩි පියවර ගත යුතු බවද නීතිඥ සංගමය පෙන්වා දෙයි.
නීතිඥවරුන්ගේ සහ පොදු මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පවතින නීතිමය යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවද එම සංගමය අවධාරණය කර සිටියි.
