හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 3ක් වයසැති දැරියක ඇයගේ මවගේ අනියම් සැමියාගේ අමානුෂික පහරදීමක් හේතුවෙන් ඊයේ (13) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය දැරියගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රදේශයෙන් පලාගොස් ඇති ප්‍රධාන සැකකරු සොයා මත්තේගොඩ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් වාර්තාවලට අනුව, මීට මාස හතරක පමණ සිට මව සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ මෙම පුද්ගලයා, දැරිය තමාට “තාත්තා” ලෙස ආමන්ත්‍රණය නොකිරීම පිළිබඳව උරණ වී අවස්ථා ගණනාවකදී දැරියට දරුණු ලෙස පහර දී තිබේ.
මව ද ඊට සහාය වෙමින් දැරියට “තාත්තා” ලෙස කතා කරන ලෙස බල කර ඇති බව හෙළි වී ඇත.
ඉකුත් 12 වැනිදා රාත්‍රී නිවසට පැමිණි සැකකරු 13 වැනිදා අලුයම ද දැරියට පහර දී ඇති අතර, පසුව වෙනත් නිවසක් බැලීමට යන බව පවසා දැරිය ද කැටුව ගොස් සවස් කාලයේ යළි නිවසට රැගෙන එන විට දැරිය දැඩි අසනීප තත්ත්වයෙන් පසුවී ඇත.
අනතුරුව දරුවා රෝහල් ගත කිරීමට වාහනයක් රැගෙන එන බව පවසා සැකකරු පලාගොස් ඇති අතර, පසුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් දැරිය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.
මෙම කාන්තාව මීට පෙර ද දරුවාට වස පොවා තමා ද දිවි නසා ගන්නා බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් පවත්වා ඇති බැවින්, ඇයගේ දැනුවත්භාවය මත මෙම ඝාතනය සිදුවූයේ ද යන්න පිළිබඳව පොලිසියට දැඩි සැකයක් මතුව ඇත. අත්අඩංගුවට ගත් මව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
