ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය විශේෂ තෙදින නිල සංචාරයක් සඳහා ලබන සඳුදා (16) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ මෑතකදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමයි.
ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට IMF ආයතනයට දායක විය හැකි ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
