මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව අද (14) සමත් විය. එම යාත්‍රාව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
නාවික හමුදා නිලධාරීන් විසින් අදාළ ඩිංගි යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි තිබී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන පාර්සල් ඇතුළත් උර දෙකක් සොයාගෙන තිබේ. මෙම වැටලීම සිදුකර ඇත්තේ නාවික හමුදාව මුහුදු සීමාවේ සිදුකරන නිරන්තර ආවේක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය සහිත බෝට්ටුව මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
