කළුතර උතුර, මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) රාත්‍රී අටට පමණ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වේ.
