Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ

9 months ago

දිවයිනේ මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ හේතුවෙන් මාර්ග භාවිතා කරන්නන් සහ රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බව ද දන්වා සිටී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.