මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 25 දෙනකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව, කන්කසන්තුරය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ධීවර යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
