Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට කාලගුණය දරුණු වෙයි

9 months ago

අද (17) සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති විය හැකිය.

විශේෂයෙන් මධ්‍යම, ඌව, නැගෙනහිර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, උදෑසන කාලයේදී උතුරුමැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.