Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ වෛද්‍ය නිලධාරීන් සිය තීරණය දැඩි කරයි

9 months ago

රජයේ වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටලු කිහිපයකට රජයෙන් මෙතෙක් සාධනීය විසඳුම් නොලැබීම හේතුවෙන් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.

කොළඹදී ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව, හෙට (18) දින සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට වෛද්‍යවරුන් පියවර ගනු ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් දෛනිකව, සතිපතා, මාසිකව සහ කාර්තුමය වශයෙන් ලබාදෙන වැදගත් දත්ත වාර්තා කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බව වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.