ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබඳ ‘AI Impact’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කරන ලද විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටී.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද පස්වරු 2.05ට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.-195 දරන ගුවන් යානයෙන් නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.
මෙම සංචාරය අතරතුර කෘතිම බුද්ධිය සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.
