Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රම වාසනා අරමුදල ඈවරයි! ප්‍රතිලාභීන්ට වෙන්න යන දේ මෙන්න!

9 months ago

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සුබසාධනය උදෙසා 1998 දී පිහිටුවන ලද “ශ්‍රම වාසනා අරමුදල” ලබන වසරේ ජූනි මස වන විට ඈවර කිරීමට රජය තීරණය කර ඇත.

කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබුණේ, රජයේ මැදිහත්වීම ඉවත් කළ යුතු හෝ ඈවර කළ යුතු ආයතන අතරට මෙම අරමුදල ද ඇතුළත් වන බවයි.

ඒ අනුව 1971 අංක 38 දරන මුදල් පනතේ ප්‍රතිපාදනවලට යටත්ව 2026 ජූනි 30 වන දින වන විට මෙම ඈවර කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතය.