Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන් ශාසනයට පූජා කර ඇති දෙමාපියන්ට රජයෙන් ලැබෙන සහනය

9 months ago

බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් සිය දරුවන් පැවිදි බිමට එක් කළ, නිවසක් නොමැති සහ ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක පසුවන දෙමාපියන් වෙනුවෙන් ‘යතිවර මාපිය නිවහන’ නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශාසනයට දරුවන් දායාද කළ දෙමව්පියන් වෙත ගෞරවයක් සහ කෘතගුණ දැක්වීමක් ලෙස මෙම වැඩසටහන දියත් කෙරේ.

මෙම වැඩසටහනේ මූලික අදියර යටතේ 2026 වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිවාස 1,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මෙය දැනට ක්‍රියාත්මක ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ නිවාස වැඩසටහනට අනුබද්ධව ක්‍රියාත්මක වන්නකි.

මෙහිදී තෝරාගනු ලබන එක් ප්‍රතිලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මූල්‍යාධාරයක් ලබා දීමට නියමිත අතර, නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රාදේශීය දායකත්වය ද උපරිමයෙන් ලබා ගැනීමට අපේක්ෂිතය.