Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්

9 months ago

‘AI Impact Summit 2026’ සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත Sergio Gor මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ පැවැත්විණි.

Sergio Gor මහතා දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිතයා මෙන්ම ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

කෘත්‍රිම බුද්ධිය (AI) මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන මෙම සුවිශේෂී සමුළුව ඇමතීමට ජනාධිපතිවරයා හෙට (19) නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරයට එක්වූ ජනාධිපතිවරයා ඊයේ (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ.