ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල කාලගුණයේ වෙනස්වීම් රැසක් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇති විය හැකි අතර, පැයට කිලෝමීටර් 50-60 දක්වා වූ තද ප්‍රහාරාත්මක සුළං ද ඇති විය හැකිය. මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
අඩු පීඩන පද්ධතියේ හැසිරීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන අතර, ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක් කර ඇත.
