Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද වැසි වැටෙන පළාත්

9 months ago

දිවයිනේ පළාත් කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළේය.

විශේෂයෙන් උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙලෙස වැසි අපේක්ෂා කෙරේ.

ඌව පළාතේ මෙන්ම මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය තදින් බලපානු ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.