Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මඩකලපුවට තද වැසි! මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

9 months ago

පසුගිය දින කිහිපය පුරා මඩකලපුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන තද වැසි සහ අද (19) උදෑසන සිට හමා යන දැඩි සුළං හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල, පූනොච්චිමුනෛ, නාවලඩි සහ කල්ලඩි ඇතුළු ප්‍රදේශ රැසක දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව වාර්තා වේ. පවතින අයහපත් කාලගුණයත් සමඟ මුහුද ඉතා රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර කටයුතුවලට ද දැඩි බාධා පැමිණ ඇත.

එමෙන්ම, නොකඩවා පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ක්‍රීඩා පිටි සහ ළමා උද්‍යාන රැසක් ජලයෙන් යටවී පවතී.