ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය නඩුව කැඳවීම සඳහා අප්‍රේල් මස දෙවනදා දින නියම කරන ලදී.
ක්‍රිෂ් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඇති වූ ගනුදෙනුවකදී රුපියල් මිලියන ගණනක මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
