Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙහැවිරිදි සිඟිත්තියක් ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

9 months ago

හෝමාගම, මාගම්මන ප්‍රදේශයේදී අවුරුදු දෙකයි මාස හතරක් වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා අද (18) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කුලී ත්‍රීරෝද රථ රියදුරෙකි. සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකු බවත්, මීට මාස හතරකට පෙර මහරගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකදී ඔහු දැරියගේ මව හඳුනාගෙන ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

පසුගිය 13 වනදා සිදු වූ මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව දැනටමත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.