ශ්‍රීපාද කඳු මුදුනට ඉදිරිපිටින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක අද (19) දින හදිසි ගින්නක් හටගෙන තිබේ. ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.
මෙම ගින්න හටගෙන ඇති කලාපය දුර්ලභ සත්ත්ව විශේෂ සහ සුවිශේෂී ශාක පද්ධතීන්ගෙන් සමන්විත අතිශය සංවේදී පරිසර කලාපයකි. පවතින තත්ත්වය හමුවේ මෙම වටිනා ජෛව විවිධත්වය විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති.
ගින්න හටගෙන ඇත්තේ ඉතා දුෂ්කර කඳු මුදුනක බැවින්, එම ස්ථානයට ළඟාවීම ගිනි නිවන කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වී තිබේ. මේ හේතුවෙන් ගින්න පාලනය කිරීමට මෙතෙක් කිසිදු කණ්ඩායමකට හැකියාවක් ලැබී නොමැත
