හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද, ඇය අද දින ඒ සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.
ඇයට අද දින එම කොට්ඨාසය වෙත පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇති අතර, ඊට නිශ්චිත හේතුවක් නිල වශයෙන් වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, ඇය සෞඛ්‍ය හේතූන් මත මෙලෙස නොපැමිණෙන බවට වාර්තා පළ වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මෙම කැඳවීම සිදු කර තිබුණි. මෙම කැඳවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 18 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබුණි.
