පළාත් සභා ඡන්ද විමසීම පවත්වනු ලබන මැතිවරණ ක්‍රමය පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.
වසර කිහිපයක් තිස්සේ ප්‍රායෝගික සහ නීතිමය ගැටලු හේතුවෙන් කල්යමින් පවතින පළාත් සභා මැතිවරණය, කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බැලීම මෙම කාරක සභාවට පැවරී ඇති ප්‍රධාන කාර්යයයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් වන යෝජනා සහ නිර්දේශ වාර්තාවක් ලෙස ඉදිරිපත් කිරීමට ද නියමිතය.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නම් කර ඇත. ඒ අනුව පත් කරන ලද සෙසු සාමාජිකයින් මෙසේය:
මුනීර් මුලාෆර් මහතා,නීතිඥ සුනිල් වටගල මහතා,අරුන් හේමචන්ද්‍රා මහතා,රංජිත් මද්දුම බණ්ඩාර මහතා,මනෝ ගනේෂන් මහතා,ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා,ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,සමන්මලී ගුණසිංහ මහත්මි,ධර්මප්‍රිය විජේසිංහ මහතා,චන්දන සූරියආරච්චි මහතා,නිසාම් කාරියප්පර් මහතා වේ.
