ජගිරිය, කලපලුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (20) නියෝග කළේය.
මෙහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙක බැගින් නියම වූ අතර, බාලවයස්කාර සැකකරුවන්ගේ ඇපකරුවන් ලෙස ඔවුන්ගේ දෙමාපියන් පෙනී සිටිය යුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අද දින සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කළ අතර, එහිදී සාක්ෂිකරු විසින් සියලුම සැකකරුවන් අදාළ ස්ථානයේ සිටි තැනැත්තන් ලෙස නිවැරදිව හඳුනාගනු ලැබීය.
