Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

97 වැනි වියේදී පශ්චාත් උපාධිය ලැබූ ශ්‍රී ලංකාවේ වයස්ගතම උපාධිධාරිණිය දිවිසැරිය නිම කරයි

9 months ago

වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධියක් ලබා ගනිමින් ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ඉතිහාසයේ වාර්තාගත වයස්ගතම උපාධිධාරිණිය බවට පත් වූ විතානගේ ලීලා ඇස්ලින් ධර්මරත් මහත්මිය, වයස අවුරුදු 99 ක් ආයු වළඳා පෙරේදා (18) අභාවප්‍රාප්ත වූවාය.

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අවසන් හුස්ම හෙළූ අතර, 1927 දී උපත ලද ඇය සිය වෘත්තීය ජීවිතය ගුරුවරියක සහ බද්දේගම ප්‍රදේශයේ ප්‍රථම නොතාරිස්වරියක ලෙස ද අභිමානයෙන් යුතුව ගත කර තිබුණි.

සිය ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් පසු දියණියන් පස් දෙනෙකු පෝෂණය කරමින් ඔවුන් සමාජයේ ඉහළම තලයේ වෘත්තිකයන් බවට පත් කිරීමට ඇය සමත් වූවාය.

නාවලපිටිය ප්‍රදේශයේ සමාජ සේවිකාවක ලෙස කැපී පෙනෙන සේවයක් කළ ඇය, ජීවිතයේ සැඳෑ සමයේදීත් බෞද්ධ දර්ශනය සහ පාළි භාෂාව හදාරමින් අධ්‍යාපනයට වයස බාධාවක් නොවන බව මුළු රටටම පසක් කර දුන් සුවිශේෂී චරිතයකි.