හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්රදේශයේදී අද (20) සිදුවූ බස් රථ අනතුරකින් 40 හැවිරිදි මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නුවරඑළිය දෙස සිට කොළඹ දක්වා ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගෙන ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම කාන්තාව සිය දියණිය සහ පුත්රයා උපකාරක පන්ති වෙත යැවීම සඳහා මාර්ගය අසල රැඳී සිට ඇති අතර, පාලනයෙන් ගිලිහුණු බස් රථය ඔවුන්ගේ ගැටී තිබේ.
එහිදී බරපතළ තුවාල ලැබූ මව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ඇයගේ දරුවන් දෙදෙනාද තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටිති.
මීට අමතරව, බස් රථයේ ගමන් කළ ඉන්දීය ජාතික සංචාරකයින් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
