Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම්පොලදී මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් තුන් හැවිරිදි මල් කැකුළකට දිවි අහිමි වෙයි!

9 months ago

ගම්පොල – නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල, නාගොල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පොල දෙසට ධාවනය වූ කාර් රථයක් බස් රථයකට ඉස්සරකිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් යතුරුපැදිකාරිය සහ දරු දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දියණියක් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 03ක දැරියක් බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිය ධාවනය කර ඇත්තේ දරුවන්ගේ මව වන අතර තුවාල ලැබූ මව සහ වයස අවුරුදු 07ක අනෙක් දරුවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට සම්බන්ධ කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.