දැරණියගල, මාලිබොඩවත්ත තේ කර්මාන්ත ශාලාව අසලදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (20) පස්වරුවේ මාලිබොඩවත්ත ප්‍රදේශයේදී මාමණ්ඩිය සහ බෑණා අතර හදිසි බහින්බස් වීමක් හටගෙන ඇත. එය උච්චතම අවස්ථාවට පත්වීමත් සමඟ, කෝපයට පත් මාමණ්ඩිය විසින් තියුණු ආයුධයකින් බෑණාට පහර දී ඇති බව වාර්තා වේ.
පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් වහාම ක්‍රියාත්මක වී දැරණියගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ එක්දරු පියෙකි. ඔහුගේ බිරිඳ මේ වන විට රැකියා කටයුතු සඳහා විදේශගතව සිටින බවද අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකාර මාමණ්ඩිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
