2005 වසරේ සැප්තැම්බර් මස 04 දින පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඔහු සතුව ඇති රන් භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණින් බලපිටිය මාදූ දූපතට සම්බන්ධවන මාදූ පාලම අසලදී ඔහුගේ ගෙල කපා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
බලපිටිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඊයේ (20) මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම දඬුවම් නියම කළා.
අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් නියම කෙරුණේ බලපිටිය, මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුට සහ බලපිටිය මහා වීදියේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුටයි.
නඩු තීන්දුවෙන් අනතුරුව වුදිතයින් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණා.
