සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා වූ නව නීතියක් කෙටුම්පත් කරමින් පවතින බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු පවසනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, අදාළ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩිනමින් ගෙන ඒමට නියමිත බවයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (20) පෞද්ගලික නාලිකාවක පැවති වැඩසටහනට සහභාගී වෙමින්.
රජයේ මැදිහත්වීමෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුකරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
