Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙවුන්දර වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන අරඹයි

9 months ago

මාතර – ගන්දර පොලිස් වසමේ දෙවුන්දර සුපිරි වෙළෙඳසැලක් ආසන්නයේ අද (21) දහවල් සිදු වූ වෙඩි තැබීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ සිරිල් හෙන්දාවිතාරණ හෙවත් ‘ඩිලයිට් මුදලාලි’ නැමැති 55 හැවිරිදි මත්ස්‍ය ව්‍යාපාරිකයෙක්.

වෙඩි වැදී මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙඩි තැබීම සඳහා මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා.