ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ ‘ගාලු කුමාරි’ සීග්‍රගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් පයාගල ප්‍රදේශයේදී අද (22) උදෑසන සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය තහවුරු කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 22 සහ 28 යන වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබේ.
ආරක්ෂිත ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ මෙම අනතුරින් කැබ් රථය දුම්රියට හසුව මීටර් 50ක් පමණ දුරක් ඇදී ගොස් තිබූ අතර, අනතුරට පත් අනෙක් පුද්ගලයා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
