නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (22) පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
වැසි තත්ත්වය අඩු වුවද, හෙට දිනයේදීත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.කළුතර, ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය.
මධ්‍යම සහ සබරගමුව පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ.
මධ්‍යම, සබරගමුව, ඌව පළාත් සහ අම්පාර, හම්බන්තොට දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
