Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වේවැල්දෙනියේ රිය අනතුරක්! තරුණයෙක් මියයයි! තරුණියකට බරපතලයි!

9 months ago

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී ඊයේ (21) සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් යතුරුපැදියේ පසුපැදිකාරිය ලෙස ගමන් කළ තරුණියක ද බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ.

මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් එනම් කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දංඕවිට පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. අනතුරින් තුවාල ලැබූ පසුපැදිකාරිය මුලින් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

පොලිස් විමර්ශන අනතුරට සම්බන්ධ බස් රථය සහ එහි රියදුරු දංඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.