Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

arrest

අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ නිතීඥවරයෙකු රිමාන්ඩ්

9 months ago

කෙසෙල්වත්ත, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු ගොඩනැගිල්ලක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක්, මත්ද්‍රව්‍ය පානයට යොදාගත් කුඩා වීදුරු කැබැල්ලක් සහ බටයක් ලෙස සකස් කළ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් සොයාගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු 1996 වර්ෂයේදී නීතිඥ වෘත්තියට පිවිසි, අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ වෘත්තියේ යෙදෙන 54 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

මොහු සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.