Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුලී ගමනක් යන මුවාවෙන් ගොස් ත්‍රී රෝද රියදුරා ඝාතනය කළ 16 හැවිරිදි තරුණයෙක් අල්ලයි

9 months ago

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු කැඳවාගෙන ගොස්, ඔහු ඝාතනය කර රථය සහ මුදල් කොල්ලකා පලාගිය බවට සැකපිට 16 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (22) උදෑසන සොයා ගැනුණි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසු වූ වයෝවෘද්ධ ත්‍රිරෝද රථ රියදුරෙකි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 21 වනදා රාත්‍රියේ කුලී ගමනක් සඳහා මෙම ත්‍රිරෝද රථය ලබාගත් සැකකරු, ගමන් ගන්නා අතරතුර රියදුරුට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි වියේ පසුවන්නෙකි.

ඔහු අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ අයෙකු බව පොලීසිය පවසයි. සැකකරු සමඟ කොල්ලකන ලද ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.