දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් පිළිබඳ රතු නිවේදන (අදියර 03) මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) පවසයි.
ගත වූ පැය 24 තුළ වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබීම නිසා මෙම තීරණය ගත් බව එම ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා සඳහන් කළේය.
රතු නිවේදන ඉවත් කළ ද, ප්‍රදේශ රැසකට තවදුරටත් අදියර 02 (අවදානයෙන් සිටින්න) යටතේ නිවේදන නිකුත් කර ඇත. එම ප්‍රදේශ පහත පරිදි වේ:
- මහනුවර: උඩුදුම්බර, ගඟඉහළ කෝරළය, පහතදුම්බර, දොළුව, යටිනුවර සහ මැදදුම්බර.
- කෑගල්ල: කෑගල්ල, අරණායක, දෙහිඕවිට, යටියන්තොට සහ මාවනැල්ල.
- මාතලේ: අඹන්ගඟ කෝරළේ, උකුවෙල, රත්තොට, විල්ගමුව, ලක්ගල සහ පල්ලේගම.
- නුවරඑළිය: වලපනේ, අඹගමුව සහ නිල්දණ්ඩහේන.
- රත්නපුර: කලවාන, අයගම, කිරිඇල්ල සහ රත්නපුර.
- මොනරාගල: බඩල්කුඹුර.
- බදුල්ල: හල්දුම්මුල්ල.
- ගාල්ල: නියාගම.
බදුල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 23ක් සඳහා අදියර 01 යටතේ නිවේදන නිකුත් කර තිබේ.
“පසුගිය දිනවල පැවති වර්ෂාව නිසා කඳු බෑවුම් ජලයෙන් සංතෘප්ත වී පවතිනවා. එම නිසා ඉදිරියේදී ඇති වන සුළු වර්ෂාවකදී පවා ගල් පෙරළීම්, කණ්ඩි කඩාවැටීම් හෝ නායයාම් සක්‍රිය විය හැකියි. මෙම ප්‍රදේශවල ජීවත්වන සහ ගමන් කරන ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුයි.”
