පොලිස් සිරමැදිරියේ රඳවා සිටි තම පෙම්වතාට මත්ද්‍රව්‍ය මුසු කළ කිරිතේ සහ සැන්විච් ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි තරුණියක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පිළියන්දල පොලිස් සිරමැදිරියේ රඳවා සිට ඇත.
ඔහුව බැලීමට ඊයේ (22) දහවල් පැමිණි සැකකාර තරුණිය, තරුණයා සමඟ කතාබස් කර පසුව ඔහුට ලබාදීම සඳහා කිරිතේ පැකට්ටුවක් සහ සැන්විච් රැගෙන නැවත පොලීසියට පැමිණ තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පෞද්ගලික තොරතුරකට අනුව, ඇය රැගෙන ආ ආහාර පාන පරීක්ෂා කිරීමේදී සැන්විච් එකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත් කරලක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය. එමෙන්ම ඇය රැගෙන ආ කිරිතේ එකට ද මත්ද්‍රව්‍ය මුසු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල ප්‍රදේශයේම පදිංචිකාරියකි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රඳවා සිටින සැකකරුවන්ට බාහිරින් ගෙන එන ආහාර පාන ලබාදීමේදී පොලිස් නිලධාරීන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පිළියන්දල පොලීසිය සඳහන් කරයි.
