Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමරකීර්ති අතුකෝරළගේ ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ පවුල්වල ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

9 months ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ගේ ඥාතීන් තීරණය කර තිබේ.

අද (23) ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥාතීන් මේ බව තහවුරු කළහ.

මෙහිදී අදහස් දැක්වූ දඬුවම් නියම වී සිටින අයෙකුගේ බිරිඳක් ප්‍රකාශ කළේ, මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීම හරහා සාධාරණ නඩු තීන්දුවක් බලාපොරොත්තු වන බවත්ය.

“අපි අද ආවේ ජනාධිපතුමා හමුවෙලා, අපිට වුණ අසාධාරණය කියලා ලිඛිතව ලියුමක් භාර දෙන්න. ඒ වගේම අපේ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් හරි ඉදිරිපත් කරනවා. පංච පුද්ගල අධිකරණයෙන් අපි ඇත්තටම සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාට අපි කිව්වෙත්, සාධාරණයක් කරන්න කියලා. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ. දරුවන් ඉන්න අම්මලා ගොඩාක් ඉන්නවා. ත්‍රිපුද්ගල අධිරණයෙන් ලබා දුන්න තීන්දුවට හිස නවා ආචාර කරනවා. එක විනිසුරුවරයෙක් මේ ගොල්ලන්ව නිදොස්කොට නිදහස් කළා. ඒ නිසා තමයි අපි හුස්ම ගන්නේ, එයා අපිට බලාපොරොත්තුවක් දුන්නා. තවත් චාන්ස් එකක් තියෙනවා මේ ගොල්ලන් වෙනුවෙන් කියලා. ඒ චාන්ස් එක තමයි අපි ගන්නේ, අභියාචනයක් දාලා මේ 12 දෙනාව එළියට ගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව.