Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි කාලගුණ තත්ත්වය

9 months ago

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ පද්ධතිය දැනට දිවයිනෙන් ඉවතට, ඊසාන දෙසට ගමන් කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.

අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ඊසානදිග මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද රළු වීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.