Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් 500ක අල්ලසක් ගත් වැඩබලන රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

9 months ago

රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරිය ලබන මාර්තු මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) නියෝග කළේය.

මරදමුනේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

පැමිණිලිකරු සිය දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කරවා ගැනීමට ගිය අවස්ථාවේදී, සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ඒ සඳහා රුපියල් 1,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

දාළ මුදලින් රුපියල් 500ක් මුලින් ලබාගෙන ඇති සැකකාරිය, ඉතිරි රුපියල් 500ක මුදල උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන විට රැගෙන එන ලෙස දන්වා තිබේ.

ඒ අනුව ඉකුත් 16 වැනිදා සිය නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයේ දී ඉතිරි රුපියල් 500ක මුදල ලබාගන්නා අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

අද දින සැකකාරිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇයව ලබන මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.