Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් 100 ගානේ හරි මගේ Account එකට දාන්න – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

9 months ago

තමාගේ වයසෙන් අවුරුදු 25 ක් තමා ජාතිය වෙනුවෙන් කැප කර ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

ඒ අනුව, එම කැපකිරීම් කිසිවක් තමාගේ පෞද්ගලික සංවර්ධනය සඳහා නොවන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

තමන් ‘ජාතික පින්කැටයක්’ ආරම්භ කරන බවත්, හැකි අයෙක් ඒ සඳහා රුපියල් 100 බැඟින් හෝ ප්‍රදානය කරන ලෙසත්, තමන්ට නිකරුණේ අපහාස කරන අය වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙන බවත්, ඒ සඳහා තමාට මුදල් අවශ්‍ය බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.