අම්පාර, කහටගස්යාය ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති සහ නාමල්තලාව ධර්මාශෝක පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය බලංගොඩ මහින්ද හිමියන්, “සංඝකීර්ති ශ්‍රී විමලජෝති” යන ගෞරව නාමය සහිතව අම්පාර – මඩකලපුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට මල්වතු මහා විහාරීය සංඝ සභාව විසින් පත් කර තිබෙනවා.
අපවත් වී වදාළ බෝගහකිවුලේ ශ්‍රී පඤ්ඤාසාර නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා බලංගොඩ මහින්ද හිමියන් පත් කිරීමට මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර තිබුණා.
අදාල පත්වීම් ලිපිය සහ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම මල්වතු මහා විහාරයේදී ඊයේ (23) සිදු වුණා.
