දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා අද (25) උදෑසන ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළේය.
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු මහාචාර්ය සුසිරිපාල මෙම වැඩභාර ගැනීමේ අවස්ථාව සඳහා දකුණු පළාතේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ආ ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මෙම පත්වීම ඊයේ (24) සිට ක්‍රියාත්මක විය.මානවඩු මහතා අද (25) උදෑසන ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළේය.
කවුද මේ මහාචාර්ය සුසිරිපාල මානවඩු?
ශාස්ත්‍රීය හා පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නිලධාරියෙකු වන මානවඩු මහතා මීට පෙර හොබවන ලද ප්‍රධාන තනතුරු කිහිපයක් පහතින් දැක්වේ:
- රුහුණ විශ්වවිද්‍යාලය: සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති මෙන්ම ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති.
- ශ්‍රී ලංකා කලා මණ්ඩලය: ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප සභාපති.
