ඇවන්ගාඩ් සමාගම යටතේ පැවති අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නියෝගයට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.
අදාළ සමාගම සහ එහි සේවකයින් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය බලරහිත කරන ලෙසයි.
කෙසේ වුවද, පෙත්සම් මූලික වශයෙන් සලකා බැලූ අභියාචනාධිකරණය ඒවා නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළා.
