හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව අනාවරණය වී ඇති සාක්ෂි මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා තහවුරු කළේය.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, සැකකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හරහා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි. මෙම විමර්ශනය දීර්ඝ වශයෙන් සිදුකළ යුතු බැවින්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවද ඔහු පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති මෙම හමුවේදී නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, පවතින නීතිමය ප්‍රතිපාදන අනුව සුරේෂ් සලේ මහතාව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි. ඉන් අනතුරුව ඉදිරි සාක්ෂි සලකා බලා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනීමට එරෙහිව සමාජ මාධ්‍ය හරහා එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලීසිය සිය වගකීම නිසි ලෙස ඉටුකර ඇති බවත්, ඔහුව අත්අඩංගුවට නොගත්තේ නම් පොලීසියට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල වීමට ඉඩ තිබූ බවත් වැඩිදුරටත් කියා සිටියේය.
